බලපිටියේදී වෙඩි වැදුණු බණ්ඩා රෝහලේදී මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

බලපිටියේදී වෙඩි වැදුණු බණ්ඩා රෝහලේදී මිය යයි

බලපිටියේදී වෙඩි වැදුණු බණ්ඩා රෝහලේදී මිය යයි

බලපිටිය වැලිවතුගොඩ ප්‍රදේශයේදි  ඊයේ(17) උදෑසන  වෙඩි වැදී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද අලුයම මියගිය බව කරාපිටිය රොහලෙන් වාර්තා වෙයි.

 


 
වෙඩි තැබීමෙන් ඝාතනය වූ තැනැත්තා බලපිටිය වැලිවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එදිරිමුණි සුනිල් කුමාරද සොයිසා හෙවත් බණ්ඩා නමැති එක් දරුපියෙකි.

 


 
පොලිසියෙන් බව පවසමින්  යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.

 

 

වෙඩි තැබීමට ලක්වූ පුද්ගලයා බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කිරීමෙන් පසුවයි අද අලුයම ජීවිතක්ෂයට පත්වුණේ.

 


 
මියගිය පුද්ගලයා විදේශ ගතව සිට මෙයට මාසයකට පමණ පෙර ලංකාවට පැමිණ ඇති අයෙකු බවද පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය විසින් පරික්ෂණ පවත්වයි.

views

710 Views

Comments

arrow-up