සජිත්ගේ අලුත් පක්ෂය මැතිවරණ කොමිසම පිළිගනියි

අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නම සමගි ජන බලවේගය යනුවෙන් වෙනස් කිරීමට එම පක්ෂයේ නියෝජිතයින් කළ ඉල්ලීම මැතිවරණ කොමිසම විසින් පිළිගෙන තිබෙනවා.
ඒ අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාත් මහ ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාරත් පත් කළ බවට එම පෙරමුණ කළ තනතුරු වෙනස් කිරීමද පිළිගන්නා බවයි මැතිවරණ කොමිසම් සභාව සඳහන් කළේ.
අපේ ජාතික පෙරමුණේ නියෝජිතයින් එහි නිළධාරී මණ්ඩලය වෙනස් කිරීමට අදාළ ලේඛණ ඉකුත්දා මැතිවරණ කොමිසම වෙත භාර දී තිබුණා.
ඊට ප‍්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් අදාල වෙනස් කිරීම් පිළිගන්නා බව මැතිවරණ කොමිසම් සභාව දැනුම් දී තිබෙනවා.
1196 Views
Comments