CIDයේ සිටි කොස්ගොඩ තාරක ඇතුළු නවයකට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

CIDයේ සිටි කොස්ගොඩ තාරක ඇතුළු නවයකට කොරෝනා

CIDයේ සිටි කොස්ගොඩ තාරක ඇතුළු නවයකට කොරෝනා

නීතිඥ හිජාස් අහමඩ් හිස්බුල්ලා සහ කොස්ගොඩ තාරක ඇතුළු නව දෙනකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදි  කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (07 වැනිදා) තහවුරු වූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

 

ආසාදිතයන් කළුතර පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර තිබෙනවා

 


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිර මැදිරියක සිටි රැඳවූවකට කොරෝනා වයිරසය ආසාදනය වූ බව පසුගියදා තහවුරු වීමෙන් අනතුරුව රැඳවූවන් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ කිරීමේදී මෙම නවදෙනාට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත.

 

ඉදිරියේදී සියලුම නිලධාරීන් සහ ඉතිරි රැඳවූවන් පීසීආර් පරීක්ෂණයන්ට යොමු කිරීමට නියමිතය බව පොලීසය පවසනවා

 

views

570 Views

Comments

arrow-up