කොවිඩ් පාලනයට දිස්ත්‍රික්ක 25ට හමුදා නිලධාරීන් 25 ක්

කොරෝනා මර්දන කටයුතු සම්බන්ධීකරණයට සෑම දිස්ත්‍රික්කයකම හමුදා නිලධාරියෙකු බැගින් නිලදාරීන් 25 දෙනෙකු පත් කර තිබේ.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිල යුද හමුදාපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අද (01) සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ අනුව අද සිට දිස්ත්‍රික් මට්ටමින් මහජනතාව සහ සෞඛ්‍ය අංශ, කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණය කිරීමේ කටයුතු මෙම නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙනු ඇති.
දිවයිනපුරා සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර ඇති යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙසේය.
උතුරු පළාත
මේජර් ජෙනරල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර - යාපනය
මේජර් ජෙනරල් කේ එන් එස් කොටුවේගොඩ - කිලිනොච්චිය
මේජර් ජෙනරල් ආර් එම් පී ජි රත්නායක - මුලතිව්
මේජර් ජෙනරල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා - වවුනියාව
මේජර් ජෙනරල් ඒ ඒ අයි ජේ බණ්ඩාර - මන්නාරම
උතුරු මැද පළාත
මේජර් ජෙනරල් ජේ සී ගමගේ - පොළොන්නරුව
මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ - අනුරාධපුර
වයඹ පළාත
මේජර් ජෙනරල් ඒ පී අයි ප්‍රනාන්දු - පුත්තලම
බ්‍රිගේඩියර් පී එම් ආර් එච් එස් කේ හේරත් - කුරුණෑගල
බස්නාහිර පළාත
මේජර් ජෙනරල් කේ ඩබ්ලිව් ආර් ද ආබෲ - කොළඹ
මේජර් ජෙනරල් එන් ආර් ලමාහේවා - ගම්පහ
බ්‍රිගේඩියර් කේ එන් ඩි කරුණාපාල - කළුතර
මධ්‍යම පළාත
මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ - නුවරඑළිය
මේජර් ජෙනරල් එස් එම් එස් පි බි සමරකෝන් - මහනුවර
මේජර් ජෙනරල් එස් යු එම් එන් මානගේ - මාතලේ
සබරගමුව පළාත
බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න - රත්නපුර
බ්‍රිගේඩියර් එල් ඒ ජේ එල් බී උදෝවිය - කෑගල්ල
නැගෙනහිර පළාත
මේජර් ජෙනරල් සී ඩි වීරසුරිය - ත්‍රිකුණාමලය
මේජර් ජෙනරල් ටි ඩි වීරකෝන් - අම්පාර
මේජර් ජෙනරල් සී ඩි රණසිංහ - මඩකලපුව
ඌව පළාත
බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවිර - බදුල්ල
කර්නල් ඩි යු එන් සේරසිංහ - මොණරාගල
දකණු පළාත
මේජර් ජෙනරල් ඩි එම් එච් ඩි බණ්ඩාර - හම්බන්තොට
මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ - ගාල්ල
කර්නල් කේ ඒ යු කොඩිතුවක්කු - මාතර
746 Views
Comments