ස්වයං නිරෝධායනයට යොමු කළ නිවසක පුද්ගලයෙක් මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

ස්වයං නිරෝධායනයට යොමු කළ නිවසක පුද්ගලයෙක් මියයයි

ස්වයං නිරෝධායනයට යොමු කළ නිවසක පුද්ගලයෙක් මියයයි

නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා. එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ නිවසක පදිංචිකරුවෙකු වූ 80 හැවිරිදි පුද්ගලයෙක්.

 

අදාළ මියගොස් ඇති තැනැත්තාද මනමාලයා ආසාදිතවූ මංගල උත්සවයකට සහභාගී වූ අයෙකුගේ පියෙකු වූ අතර කලක් රෝගාතුරව ප‍්‍රථීකාර ලබමින් සිටි අයෙක් බවද වාර්තාවේ. කෙසේවෙතත් මනමාල මහතා ආසාධිතයෙකු වූ බව දැනගත් වහාම අදාළ මරණකරුගේ නිවසේ සියලුම දෙනා ස්වයංනිරෝධායනයට ලක් කර ඇත. එසේ නිරෝධායනය වෙමින් සිටියදී අද (21) අලුයම පැවති රෝගාබාධ තරමක් උත්සන්නව නිවසේදීම මියගොස් සිට ඇත.

 

එම මෘතදේහය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී උත්පල සංකල්ප ඇතුලු පිරිසකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් කුලියාපිටිය විවිධසේවා සමූපකාර සමිතියේ වාහනයක් භාවිතයෙන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරයට ප‍්‍රවාහණය කරවීමට එම සමිතියේ සභාපතිවරයා කටයුතු කර තිබූ අතර දේහය ප‍්‍රවාහණය කිරීමෙන් පසුව රථය හා රියදුරු විෂබීජ හරණයට ලක්කිරීමට කටයුතු කර තිබුණා.

 

දේහයෙන් සාම්පල කිහිපයක් ලබාගෙන පීසීආර් පරීක්‍ෂාවකට යැවීමට නියමිතව ඇති අතර එහි ප‍්‍රථිපලය අනුව අදාළ පුද්ගලයා මියගොස් ඇත්තේ කොවිඞ් වැළඳීමෙන්ද යන්න තහවුරුකරගැනීමට නියමිතබව රෝහල් ආරංචි මාර්ග පවසයි. එහෙයින් දේහය සම්බන්ධ ඉදිරි කටයුතු කිසිවක් අදාළ සාම්පල පරීක්‍ෂණ වාර්තා පැමිණෙනතෙක් සිදු කිරීම අත්හිටුවා තිබුණා.

 

views

742 Views

Comments

arrow-up