පාස්කු ප‍්‍රහාරය විමර්ශන අතුරු වාර්තාව අද ජනාධිපතිට

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිෂන් සභාවේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (19) භාරදීමට නියමිතයි. හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉකුත් සැප්තැම්බර් 22 වැනිදා මෙම කොමිෂන් සභාව පත් කළා.
මාස 03 කට ආසන්න කාලයක් පුද්ගලයින් 30 දෙනෙකුගෙන් පමණ ඔවුන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මෙම කොමිෂන් සභාව හමුවේ ප‍්‍රකාශ ලබාදුන්නා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ද ඔවුන් ප‍්‍රකාශ ලබා ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මහජන පැමිණිලි ද 65 කට වැඩි සංඛ්‍යාවක් මෙම කොමිෂන් සභාව වෙත ලැබී තිබෙනවා.
කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වායි.
අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජකරුණා, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ‍්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්. එම්. ආර්. අධිකාරී එහි සෙසු සාමාජිකයින් වනවා.
693 Views
Comments