ජනපති අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

ජනපති අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට කැඳවයි

ජනපති අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට කැඳවයි

ජනාධිපති අපේක්ෂකයින් හා ජනාධිපතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.

 

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ඇතිවිය හැකි විවිධ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බවයි.

 

විශේෂයෙන් අපේක්ෂකයින් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු මෙන්ම මාධ්‍ය භාවිතය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතයි.

views

708 Views

Comments

arrow-up