අසාද් සාලි අත්අඩංගුවට

බස්නාහිර පළාත් හිටපු අාණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිපතිවරයාගේ උපදෙස් මතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
අසාද් සාලි මහතා පසුගියදා මෙරට නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් පැමිණිලි ඉදිරිපත්කර තිබුණා.
ඔහුගේ ප්‍රකාශය, දණ්ඩ නීති සංග්‍රහය, සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව මෙන්ම 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංගනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණා.
895 Views
Comments