පාර්ලිමේන්තුවෙන් මධුරට ලැබුණු විශේෂ අවසරය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

පාර්ලිමේන්තුවෙන් මධුරට ලැබුණු විශේෂ අවසරය

පාර්ලිමේන්තුවෙන්  මධුරට ලැබුණු විශේෂ අවසරය

ආණ්ඩු පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අද (04) බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට පැමිණිම සදහා අවසර ලබා දී තිබෙනවා

 

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට මධුර විතානගේ මහතා කළ ඉල්ලිමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවසරය ලැබී තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

 

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මන්ත්‍රීවරයෙක් නිල වශයෙන් ලබා ගත් අවසරයක් මත බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අවස්තාවක් ලෙස මෙය සනිටුහන් වනවා

 

මධුර විතානගේ මහතා මීට පෙර 09 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පැවති දිනයේදී බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට පැමිණියේය.

 

එමෙන්ම මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තුව ජලයෙන් යටවූ අවස්ථාවේදී හිටපු කථාන‍ායක චමල් රාජපක්ෂ මහතා බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට පැමිණ තිබිණි.

 

මේ ආකාරයට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද දෙමටගොඩ සිට පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා බෝට්ටුවකින් ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සැකසීමට සැළසුම් කර තිබෙන බව මධුර විතානගේ මහතා පැවසීය.

 

මෙයට අමතරව කොළඹ, විශේෂයෙන් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පවතින විශාල වාහන තදබදයට පිළියමක් ලෙස ජල ප්‍රවාහන මගී සේවාවක් ආරම්භ කිරීම සඳහා තමන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

 

 

views

627 Views

Comments

arrow-up