මොරටුවේ ‘මොරටුමුල්ල කුසගිනිවත්ත’ හුදකලා කෙරේ

වයස අවුරුදු 60ක කොවිඩ් ආසාදිත කාන්තාවක් මොරටු, මොරටුමුල්ල, ප්‍රේමරත්න මාවත ප්‍රදේශයෙන් හමුවීමත් සමග මොරටුමුල්ල කුසගිනිවත්ත නමින් හඳුන්වන ප්‍රදේශය වසා දැමීමටතීරණය කළ බව මොරටුමුල්ල පොලිසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරනවා.
කොවිඩ් ආසාදිත එම කාන්තාව දිවුලපිටිය ප්‍රදේශයේ නෑදෑහිතවතකුගේ මංගල උත්සවයකට සහභාගි වී ඇත. ඇයත් සමග 170 දෙනකුට අධික පිරිසක් බස් රථයකින් එම උත්සවයට සහභාගි වී ඇති බව අනාවරණය වී තිබුණා.
කොවිඩ් ආසාදිත කාන්තාව මොරටුමුල්ල තාපසාරාම විහාරස්ථානයේ කඨින පින්කමටද සහභාගි වී ඇති අතර මෙම කාන්තාව පදිංචි ප්‍රදේශය මේ වනවිට හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.මොරටුමුල්ල ශු.පාවුල්තුමාගේ දේවස්ථාන පරිශ්‍රයේදී ඊයේ මෙම ප්‍රදේශයේ සිටලුදෙනාටම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණා.
දිවුලපිටියේ එම මංගල උත්සව අවස්ථාවට සහභාගි වූ මොරටුමුල්ල ප්‍රදේශයේ තවත් අය සිටී නම් ඉදිරිපත් වන ලෙස මොරටුමුල්ල පොලිසිය, එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මොරටුව මහ නගර සභාව ඉල්ලා සිටිනවා.
1004 Views
Comments