රනාලේ බස් රථ අනතුරකින් පාසල් ළමුන් පිරිසක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

රනාලේ බස් රථ අනතුරකින් පාසල් ළමුන් පිරිසක් රෝහලට

රනාලේ බස් රථ අනතුරකින් පාසල් ළමුන් පිරිසක් රෝහලට

පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද (19) අනතුරක් සිදුවී තිබේ.

 

කොළඹ සිට ලඹුගමුව දක්වා සිසුන් ප්‍රවාහනය කළ සිසු සැරියක් සහ ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇත.

 

එම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

 

පොලීසිය සඳහන් කළේ ඔවුන් නවගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවය.

views

256 Views

Comments

arrow-up