වෑන්-යතුරුපැදි ගැටී සිදුවූ අනතුරෙන් අයෙක් ජීවිතක්‍ෂයට

වැල්ලවත්ත මුහුදු මාවතේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව වැල්ලවත්ත පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ නින්දවුර් අලිම් පාර පදිංචිව සිටි බි එල් ඉලානි නැමැති 29 හැවිරිදි පුද්ගලයෙකි .
දෙහිවල දෙස සිට බම්බලිපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය ඉදිරියෙන් ගමන් ගත් වාහනයකට ඉස්සර කිරීම සඳහා විරුද්ධ දිශාවට වෑන් රථය යොමුකර ධාවනය කිරීමේදී විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදිය හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
මුහුදු මාවතේ මැද දූපත බහුතරයක් රියැදුරන් ගණන් නොගෙන විරුද්ධ දිශාවට සිය වාහනය යොමුකර ධාවනය කිරීම හේතුවෙන් මෙම මාර්ගයේ බහුලව අනතුරු සිදුවන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
238 Views
Comments