පොලීසියට අල්ලස් දෙන්න ගිය දෙදෙනෙකුට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

පොලීසියට අල්ලස් දෙන්න ගිය දෙදෙනෙකුට වැඩ වරදී

පොලීසියට අල්ලස් දෙන්න ගිය දෙදෙනෙකුට වැඩ වරදී

මත් පෙති සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මුදාගැනීම සඳහා රුපියල් 50,000 අල්ලස් මුදලක් පොලිස් ස්ථානය තුළදීම පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ (13) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව නාගොල්ලාගම පොලීසිය කියයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිරියාල අඔගස්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. 

 

මත් පෙති ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ තලමල්ගම පොලිස් වසමේ හිරියාල අඔගස්වැව හා කුඹුක්ගැටේ පොලිස් වසමේ කිඹුල්වානා ඔය කුඹුක්ගැටේ ලිපිනයේ පදිංචි විසි හැවිරිදි හා විසි අට හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

 

සැකකරුවන් අද (14) මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

245 Views

Comments

arrow-up