සහල් ඉල්ලා ග්‍රාමනිලධාරිනියගේ කන පැලූ 28 හැවිරිදි කත අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

සහල් ඉල්ලා ග්‍රාමනිලධාරිනියගේ කන පැලූ 28 හැවිරිදි කත අත්අඩංගුවට

සහල් ඉල්ලා ග්‍රාමනිලධාරිනියගේ කන පැලූ 28 හැවිරිදි කත අත්අඩංගුවට

සහනාධාර සහල් ලබානොදුන් බව පවසමින් ග්‍රාම නිලධාරිනියකට පහරදුන් බව කියන කාන්තාවක් කළුතර උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

කළුතර උතුර පොලිසියට ලද පැමිණිල්ලක් මත 28 හැවිරිදි අදාළ කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

අංක 711 පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරි වසමේ වැඩබලන ග්‍රාම නිලධාරිනිය ලෙස කටයුතු කළ පනාපිටිය උතුර ග්‍රාම නිලධාරිනිය මෙලෙස පහරකෑමට ලක්ව ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.

 

ඊයේ (04) දහවල් පනාපිටිය දකුණ ග්‍රාමනිලධාරී කාර්යාලයේ දී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාවට සහනාධාර සහල් බෙදාදීම සිදුකරමින් සිටින අතරතුර මෙය සිදුව ඇති බව පොලීසිය පවසයි.

 

සහල් බෙදා අවසන් කර ග්‍රාම නිලධාරිනිය කාර්යාලය වසා පිටව යාමට සූදානම්වීමත් සමගම සැකකාර කාන්තාව පැමිණ ඇයට සහල් නොදුන්නේ මන්දැයි විමසා තිබේ.

 

එකම නිවසේ වෙසෙන ඇයගේ මවට සහල් ලබාදීම හේතුවෙන් ඇයට ද ලබා දිය නොහැකි බවට ග්‍රාමනිලධාරිනිය ප්‍රකාශ කිරීමත් සමග උරණ වූ කාන්තාව ග්‍රාම නිලධාරිනියට බැනවදිමින් ඇයගේ ජංගම දුරකථනයෙන් එය පටිගත කර ඇති බව වාර්තා වෙයි.

 

ඊට විරෝධය පළකරමින් ඇය අසළට යාමත් සමග සැකකාරිය විසින් තමන්ට මෙලෙස පහර දුන් බව ප්‍රහාරයට ලක්වු ග්‍රාම නිලධාරිනිය සිද්ධිය පිළිබඳව පැහැදිලි කරමින් පැවසීය.

 

අත්අඩංගුවට ගත් සැකකාරිය අද (05) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිත බව කළුතර උතුර පොලීසිය පවසයි.

views

272 Views

Comments

arrow-up