අංගොඩ ලොක්කාගේ දෙමාපියන්ගෙන් සීඅයිඞීය ප්‍රශ්න කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

අංගොඩ ලොක්කාගේ දෙමාපියන්ගෙන් සීඅයිඞීය ප්‍රශ්න කරයි

අංගොඩ ලොක්කාගේ දෙමාපියන්ගෙන් සීඅයිඞීය ප්‍රශ්න කරයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ලසන්ත චන්දන පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කාගේ’ දෙමාපියන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

 

මීට අමතරව දැනට රෝගාතුරව පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන අංගොඩ ලොක්කාගේ වැඩිමහල් සොයුරියගෙන් ද ප‍්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.



ලසන්ත චන්දන පෙරේරා නොහොත් ‘අංගොඩ ලොක්කා’ නමැත්තාට පසුගිය දා ඉන්දියාවේ පෙරුම්බුදුර්හිදී ඔහුගේ අනියම් බිරියකැයි සැලකෙන කාන්තාක විසින් වස පානය කිරීමට සැලැස්වීමෙන් මරණයට පත් කළ බවත් පසුව එහිදීම ‘අංගොඩ ලොක්කාගේ’ අවසන් කටයුතු සිදුකළ බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

 

views

704 Views

Comments

arrow-up