මැතිවරණයේ SANITIZER සඳහා පමණක් එක් කෝටි විසි ලක්ෂයක වියදමක්!

මෙවර මහ මැතිවරණයේදී පාවිච්චි කෙරෙන විෂබීජ නායක දියර සදහා රුපියල් එක්කෝටි විසිලක්ෂයකට අධික මුදලක් වැය වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්ද දායකයකු දෙවරක් විෂබීජ නාශක දියර යොදා දෙඅත් පිරිසිදු කරගත යුතු වනවා.
ඒ අනුව එක් ඡන්ද දායකයකු වෙනුවෙන් විෂබීජ නාශක දියර මිලිලීටර් 15ක් පාවිච්චි වන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
එහිදී එක් ඡන්ද දායකයකු වෙනුවෙන් පාවිච්චි කරන විෂබීජ නාශක දියර සදහා රුපියලක මුදලක් වැය වනු ඇති.
845 Views
Comments