කොරෝනා ආසාදිතයින් ගණන 335ක් වෙයි

නව කොරෝනා වෛරසය වැලදුනු රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
අද දිනයේදී මේ දක්වා ආසාධිතයින් 05 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් සිව්දෙනෙක්ම කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ නිවාස නිරෝධායනයට ලක් කර සිටිය අයවලුන් වේ.
ඊයේ (22) දිනයේදී වාර්තා වූ රෝගීන් 20 දෙනා ගෙන් 13 දෙනෙක් බේරුවල ප්‍රදේශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යැවු අයවලුන් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
ඊට අමතරව ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ සිට ඔලුවිල් හි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට සිටි පුද්ගලයෙක්ද, තවත් එක් රෝගියෙක් පොළොන්නරුව ප්‍රදේශයෙන් ද වාර්තා වූ අතර සෙසු රෝගීන් 05 දෙනා කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිට නිරෝධායනය කිරීම සඳහා යොමු කොට සිටිය පිරිස අතුරින් වාර්තා වූ බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.
889 Views
Comments