ඇඳිරිනීතිය නැති අවස්ථාවලදීත් නිරෝධාන නීති කඩන අය අත්අඩංගුවට ගන්න පොලිස්පතිට බලය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

ඇඳිරිනීතිය නැති අවස්ථාවලදීත් නිරෝධාන නීති කඩන අය අත්අඩංගුවට ගන්න පොලිස්පතිට බලය

ඇඳිරිනීතිය නැති අවස්ථාවලදීත් නිරෝධාන නීති කඩන අය අත්අඩංගුවට ගන්න පොලිස්පතිට බලය

ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන අවස්ථාවලදීත් නිරෝධාන නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත බලය පවරා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කරුණු මත දිස්ත්‍රික් අතර ගමනාගමනය වැළැක්වීම සඳහා දිස්ත්‍රික් මායිම්වල මාර්ග බාධක 262 ක් ස්ථාපනය කර ඇති බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

 

දිවයිනේ දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය අදත් ලිහිල් කෙරුණු අතර සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන නිර්ණායක උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කළ බස්රථ රැසක් පොලිස් පරික්ෂාවට ලක්කෙරුණා.

views

643 Views

Comments

arrow-up