එජාප නායකත්වය ගැන අවසන් තීරණය අද ?

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වේ.
පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ, අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම රැස්වීම පැවැත්වෙන බව ය.
එම හමුව පැවැත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ඇතුළු, පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමේ අරමුණින්.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත්‍රීයේ පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිත ය.
පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, එහිදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ය.
ඊට අමතරව පක්ෂය ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.
718 Views
Comments