දකුණු ආසියාවේ විශිෂ්ටතම තාන්ත්‍රිකයා කරු

‘ප්‍රජාතන්ත්‍රවාදී හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා’ ලෙස එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රතත්ව සංවිධානය මගින් කතානායක කරු ජයසුරිය මහතා නම් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රතත්ව සංවිධානයේ 20 වන සංවත්සරය නිමිත්තෙනුයි මෙම නම් කිරීම සිදුකර තිබෙන්නේ.
එම ගෞරව සම්මානය කතානායක කරු ජයසූරිය මහතා වෙත පිරිනැමීම කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණා.
භාරතයේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් මහතා, ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙවර්ලි හිල් ආර්යාව වූ මුනී ඉරෝනී මහත්මිය ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
682 Views
Comments