පළාත් කිහිපයකට තද වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

පළාත් කිහිපයකට තද වැසි

පළාත් කිහිපයකට තද වැසි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයට අද (28) දිනයේදී ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. 

 


මෙම පද්ධතියේ බලපෑමට යටත්ව දිවයිනේ බොහෝ පළාත් වල (විශේෂයෙන් උතුරු, නැගෙනහිර, ඌව, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල) වැසි තත්ත්වය 29 වනදා දක්වා වර්ධනය වන ලකුණු ඇත.

 


දිවයිනේ බොහෝ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණු සහ සබරගමුව   පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී. (150-200) ත් අතර ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැක.

 


දිවයින හරහා විශේෂයෙන්ම මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වල (නුවරඑළිය, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල) සහ දකුණු සහ වයඹ පළාත්වල් ඇතැම් ස්ථාන වල සුළගේ වේගය විටින් විට පැ.කි.මි. (50-60) දක්වා වැඩිවිය හැක.

 


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

 

views

583 Views

Comments

arrow-up