මහා පරිමාන කසිප්පු නිෂ්පාදනාගාරයක් වෙන්නප්පුවේදී වටලයි

වෙන්නප්පුව – දෙමටපිටිය ප්‍රදේශයේ වගුරු බිමක් ආශ්‍රිතව පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවෙකු සහ කසිප්පු නිෂ්පාදනයට යොදාගත් ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඊයේ(26) පස්වරුවේ මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත්වූ සැකකරු 25 හැවිරිදි වෙන්නප්පුව – සිරිගම්පල පදිංචිකරුවෙකි. කසිප්පු නිෂ්පාදනයට යොදාගත් කසිප්පු බෝතල් 210ක්, ගෝඩා කිලෝග්‍රෑම් 34යි ග්‍රෑම් 560ක් අඩංගු ප්ලාස්ටික් බැරල් 12ක්, යකඩ බැරල් 4ක්, තඹ දඟර 4ක්, ගෑස් ලිප් 2ක් සහ ගෑස් සිලින්ඩර් 2ක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ස්ථානයේ මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය කර වෙනත් ප්‍රදේශවල අලෙවිකිරීම සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී හෙලිව තිබේ.
සැකකරු සහ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
830 Views
Comments