කොරෝනා දෙවැනි රැල්ලකට ඉඩ දෙන්නේ නැහැ – යුද හමුදාපති
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

කොරෝනා දෙවැනි රැල්ලකට ඉඩ දෙන්නේ නැහැ – යුද හමුදාපති

කොරෝනා දෙවැනි රැල්ලකට ඉඩ දෙන්නේ නැහැ – යුද හමුදාපති

කොවිඞ් 19 රෝගයේ දෙවැනි රැල්ලක් රට තුළ ඇතිවිය හැකි බවට සහ යළි ඇඳිරි නීතිය පනවන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයෙන්් කොවිඞ් 19 ආසාදිතයන් 339 දෙනකු හමුවීමත් සමග විවිධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළින් ප‍්‍රචාරය වන බවත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා මහජනතාවට ලබාදෙන බවත් පැවසූ යුද හමුදාපතිවරයා එවැනි කටකතාවලට නොරැවටී වගකීමෙන් යුක්තව කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

views

1352 Views

Comments

arrow-up