විදෙස්ගත ශ්රී ලාංකිකයින් ගෙන්වීම නතර කරයි

විදෙස්ගත ශ්රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම ලබන 14 වැනිදා සිට නතර කිරීමට තීරණය කර තිබෙනවා.
විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසුවේ තාවකාලිකව මෙම පියවර ගෙන ඇති බවයි.
නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි අද්මිරාල් ජයනාත් කොළඹගේ වැඩිදුරටත් පැවසුවේ.
ඉකුත් දිනවල විදේශගත ශී‍්‍ර ලාංකිකයින් රැසක් මෙරටට රැගෙන ආවා. ඒ, එම ශී‍්‍ර ලාංකිකයින් සිදුකරන ලද ඉල්ලීම්වලට අනුවයි. ඔවුන් සියළු දෙනා ගුවන් තොටුපොලේදී PCR පරීක්‍ෂණයකට ලක් කිරීමෙන් පසු නිරෝධායන කි‍්‍රයාවලියට යොමු කිරීම සිදුවුණා.
774 Views
Comments