පොලිස් නිලධාරීන් 829ක් එන්නත් කරයි - බරපතල සංකූලතා තවමත් මතුව නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

පොලිස් නිලධාරීන් 829ක් එන්නත් කරයි - බරපතල සංකූලතා තවමත් මතුව නැහැ

පොලිස් නිලධාරීන් 829ක් එන්නත් කරයි - බරපතල සංකූලතා තවමත් මතුව නැහැ

පොලිස් නිලධාරින් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා (කොවිශීල්ඩ්) එන්නත ලබාදීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා.

 

ඒ අනුව නාරාහේන්පිට පොලිස් රෝහලේ පොලිස් සාමාජිකයින් 829 දෙනෙකුට එන්නත ලබාදී තිබෙනවා.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ කළ ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව එම රෝහලේ ද රෝහල් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දෙනෙකුට එන්නත ලබාදීමෙන් පසුව පොලිස් නිලධාරීන් සඳහා එන්නත ලබාදීම ආරම්භ කෙරුණේ.

 

මේ අතර අද දිනයේත් දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල් කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබාදීම සිදු කෙරුණා. මේ දක්වා එන්නත්කරණ වැඩසටහනෙන් එන්නත් ලබාගෙන ඇති පිරිස පනස් දහසක් පමණ වන බව ‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවා.

 

මේ දක්වා එන්නත ලබා ගත් අය අතරින් ඇතැම් පුද්ගලයන්ට සුළු සංකූලතා මතුව තිබුණ ද බරපතළ තත්ත්වයන් වාර්තා වී නොමැති බවයි අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

 

 

 

views

708 Views

Comments

arrow-up