වාහනවල නීතිවිරෝධී ස්ටිකර් ගලවන්න මැතිවරණ කොමිසම පොලිසියට බලය පවරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

වාහනවල නීතිවිරෝධී ස්ටිකර් ගලවන්න මැතිවරණ කොමිසම පොලිසියට බලය පවරයි

වාහනවල නීතිවිරෝධී ස්ටිකර් ගලවන්න මැතිවරණ කොමිසම පොලිසියට බලය පවරයි

අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා සියලුම වාහනවල අලවා ඇති ස්ටිකර් ඡායාරූප හා චිත්‍ර මැතිවරණ නීතියට අනුකූල නොවන අයුරින් තිබේනම් ගලවා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම විසින් පොලිසියට උපදෙස් දී තිඛෙනවා.

 

මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සෑම පොලිස් බල ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි හදිසි පරික්ෂා කිරීම් සිදුකර ඊට අදාල පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.

 

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක පෞද්ගලික බස්රථ, ත්‍රිරෝද රථ හෝ වෙනත් වාහනවල අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප, ස්ටිකර් හෝ බැනර් ප්‍රදර්ශණය පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව තහනම්.

 

එවැනි ප්‍රදර්ශණය කිරීම් සම්බන්ධයෙන් මේ වනවිටත් පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

 

views

883 Views

Comments

arrow-up