MCC කමිටු වාර්තාව ගැන අදහස් දෙන්න කැබිනට් මණ්ඩලයට සතියක්

එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලලිතසිරි ගුණරුවන් වාර්තාව සම්බන්ධයෙන් සතියක් ඇතුළත සිය අදහස් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඊයේ (1) දැනුම් දී තිබේ.
අද (2) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.
රටේ පවතින නීතියට හෝ ජාතික ආරක්ෂාවට අහිතකර වන කිසිදු ගිවිසුමකට එළඹීමට ලංකා ආණ්ඩුව කටයුතු නොකරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
ඔහු පවසන්නේ ඇතැම් පාර්ශව මේ සම්බන්ධයෙන් සාවද්‍ය මත පතුරුවමින් සිටින බවය.
711 Views
Comments