පාසල් විවෘත කරන්නේ කොරෝනා අවදානම සම්පූර්ණයෙන්ම පහව ගියාමයි – ඩලස්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

පාසල් විවෘත කරන්නේ කොරෝනා අවදානම සම්පූර්ණයෙන්ම පහව ගියාමයි – ඩලස්

පාසල් විවෘත කරන්නේ කොරෝනා අවදානම සම්පූර්ණයෙන්ම පහව ගියාමයි – ඩලස්

කොරෝනා වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

 

කෙසේ වෙතත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාසල් යළි විවෘත කරනු ලබන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුව බවයි. එම නිසා කිසිදු දෙමාපියෙකු ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (22) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

views

708 Views

Comments

arrow-up