කොරෝනා රෝගීන් ගණන 300 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

කොරෝනා රෝගීන් ගණන 300 ඉක්මවයි

කොරෝනා රෝගීන් ගණන 300 ඉක්මවයි

නව කොරෝනා වෛරසය වැළදුණු තවත් ආසාධිතයින් 08 දෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 303ක් වේ.

 

අද (20) දිනයේ සවස 3.30 දක්වා කාලය තුලදී වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 32ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

 

එක් දිනයක් තුලදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙය වනවා. මේ වන විට කොරෝනා රෝගීන් 199 දෙනෙක් ප්‍රතිකාර ලබන අතර සුවය ලබා පිටව ගිය රෝගීන් ගණන 97ක් වනවා.

 

views

688 Views

Comments

arrow-up