"ඉන්දියන් ක්‍රමයට" දඬුවම් දෙන්න ගිය පොලිසියේ 02ක ගේ වැඩ තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

"ඉන්දියන් ක්‍රමයට" දඬුවම් දෙන්න ගිය පොලිසියේ 02ක ගේ වැඩ තහනම්

"ඉන්දියන් ක්‍රමයට" දඬුවම් දෙන්න ගිය පොලිසියේ 02ක ගේ වැඩ තහනම්

ඇඳිරි නිතිය කඩ කරමින් මාර්ගයේ සැරි සැරූ පුද්ගලයින් පිරිසකට "ඉන්දීය ක්‍රමයට" දඬුවම් පැමිණවු රථ වාහන පොලිසියේ නිලධාරින් දෙදනෙකුගේ වැඩ තහනම් කිරිමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබෙනවා.

 

 

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ මරදාන ප්‍රදේශයේ මාර්ග අසල පදික වේදිකාවේ නිකරුනේ රැඳී සිටිය බව පවසමින් එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි රථ වාහන පොලිසියේ සාජන්ට්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් මෙලෙස අදාළ පිරිසට දඬුවම් කර තිබුණා.

 

 

පොලිස් නිලධාරීන්ගේ නියෝග මත එම පුද්ගලයින් තමන්ගේ දෑත් වලින් කන් අල්ලා ගෙන මාර්ගය අයිනේ සිට ගෙන සිටින අයුරු රූපවාහිනි වාර්තාකරුවෙක් විසින් කැමරා කොට තිබුණා.

 

 

මෙලෙස මාර්ගය අසල සිටි පුද්ගලයින්ට පොලිස් නිලධාරින් දෙදෙනා දඬුවම් පමුණුවා ඇත්තේ ඉන්දීය පොලිසිය විසින් ඇඳිරි නිතිය කඩ කරන පුද්ගලයින්ට දෙන දඬුවම අනුකරණය කිරීමේ අදහසින්ද යන්න ගැන පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

views

716 Views

Comments

arrow-up