රන්ජන් වෙනුවෙන් හරීන් අද සිට කළු සාටකයක් පළඳියි

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කළු සාටකයක් පැළඳ අද පාර්ලිමේන්තුව අමතනු ලැබුවා.
වසර 4 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටිය හැකිය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සාධාරණය ඉටු වනතුරු තමා මෙලෙස කලු සාටකයක් පළඳින බවයි ඒ මහතා පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ වාදයට එක්වෙමින් කියා සිටියේ.
තම ජීවිත කාලය පුරාවටම පවුලේ බලය පෙන්වීමට කුරහන් සාටකය පළදිනවා ලෙස නොව රන්ජන් රාමනායක සාධාරණයක් වන තෙක් කළු සාටකය පළඳින බව මන්ත්‍රීවරයා සභාගැබේ දී පැවසුවා.
723 Views
Comments