කතානායක ඇතුළු පාර්ලිමේන්තුවේ PCR කළ පිරිස 450 ඉක්මවයි

පාර්ලිමේන්තුවේ කතානායක ඇතුළු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 450කට වැඩි පිරිසකට PCR පරීක්ෂණ සඳහා යොමුකිරීම අද සිදුවුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමාත්‍ය වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්තුරුන්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙලෙස ඉහත පරීක්ෂණ සිදුකර තිබෙනවා.
කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු හඳුනාගෙන ඔවුන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
738 Views
Comments