අලී සබ්රිට ඇමතිකම දුන්නේ විශාල ජනතා විරෝධතා මැදයි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

මෙරට අධිකරණ අමාත්‍යධූරය මොහොමඩ් අලී සබ්රි මහතාට ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් පවරන්නේ මහජනයා තුල විශාල විරෝධතා රාශියක් මැද බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
මෙරට සියලු දෙනාට එකම පාසල් පද්ධතියක් එකම නීතියක් ඇතිවන්නේ නම් එය අනාගතයේ සහරාන්ලා බිහි නොවන්නට හොඳම පියවර යැයි ද උන්වහන්සේ පවසති.
මුස්ලිම් ජනතාවට එල්ල වී ඇති ‘සහරාන්’ බෝඩ් එක ගලවා දැමීම නව අධිකරණ ඇමතිගේ වගකීමක් යැයි ද උන්වහන්සේ කියා සිටියහ.
උන්වහන්සේ මෙම අදහස් ඵල කළේ මොහොමඩ් අලි සබ්රි මහතා අධිකරණ ඇමති ධූරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාව සදහා එක්වෙමිනි.
821 Views
Comments