රහස් පරීක්ෂක භාරයේ තිබූ කුඩු විකුණලා - නිලධාරියෙකු දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

රහස් පරීක්ෂක භාරයේ තිබූ කුඩු විකුණලා - නිලධාරියෙකු දැලේ

රහස් පරීක්ෂක භාරයේ තිබූ කුඩු විකුණලා -  නිලධාරියෙකු දැලේ

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ ඇති හෙරොයින් සොරාගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු බව කියන එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුට ගෙන තිබෙනවා .

මෙම සැකකරු හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට ලැබුණු තොරතුරක් මත අතුරුගිරිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් (17)අළුයම රැකවල්ලාගෙන ලා ගෙන සිට ඇත

ඒ අවස්ථාවේ සැකකරු යතුරුපැදියකින් යමින් සිටියදී ඔහු නවතා පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් ග්‍රෑම් 18 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ

පොලිසිය අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොගය පරික්ෂා කිරීම සඳහා රජය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමෙන් පසු මෙම සැකකරුවා ඉන් කොටසක් සොරාගෙන ගොස් ජාවාරම්කරුවන්ට විකුණන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා

28 හැවිරිදි වියේ පසුවන සැකකරු මාතර රන්සෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

- උපුටාගැනීම දිවයින පුවත් පත

 

views

778 Views

Comments

arrow-up