රාගමදී සංවිධානාත්මක අපරාධකරුවෙකු STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු රාගමදී පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට ගම්පහ මහාධිකරණයේ නඩුවක් විභාගවන බවයි.
පිස්තෝලයක් එල්ල කර මරණ තර්ජන එල්ල කර මහබාගේ ප්‍රදේශයේදී සිදු වූ සිද්ධියකට සැකකරු අත්අඩංගුවට ගැනිමට අවශ්‍ය වී තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, ඊට අමතරව වැලිසර ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් සඟවාගෙන මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් ද සැකකරුට විරුද්ධව නඩුවක් විභාග වෙමින් පවතින බවයි.
මොහු හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් ද අවශ්‍යව සිටි අයෙකි.
621 Views
Comments