නිදහස් චතුරශ්‍රය අසල වෙඩි වැදී මියගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

නිදහස් චතුරශ්‍රය අසල වෙඩි වැදී මියගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිවෙයි

නිදහස් චතුරශ්‍රය අසල වෙඩි වැදී මියගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිවෙයි

අද දින නිදහස් චතුරශ්‍රයේ දී මියගිය රජීව ජයවීර සිය සහෝදරයාට මරණයට පෙර ලිපියක් ලියා ඇති බව වාර්තා වනවා.

 

පොලිසිය පවසන්නේ ඔහු වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවයි.

 

මිලාගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් රජීව ජයවීර මහතා ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වන අතර ඉංග්‍රීසි වෙබ් අඩවියක නිදහස් මතධාරී ලේඛකයෙකුද වනවා.

 

අද පෙරවරුවවේ නිදහස් චතුරශ්‍රයේ දී ඔහුගේ මළ සිරුර හමුවූ අතර අසල තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබෙනවා.

 

එම ඉංග්‍රීසි වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන උවිඳු කුරුකුලසූරිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙන්නේ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් වන රජීව ජයවීර මහතා ලියූ පිටු 3 ක ලිපිය තමා කියවූ බවයි.

 

 

 

 

views

783 Views

Comments

arrow-up