සියයට 50 ධාරිතාවයට යටත්ව පෙර පාසැල් විවෘත කිරීමට අවසර : සෞඛ්‍ය ඇමති කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

සියයට 50 ධාරිතාවයට යටත්ව පෙර පාසැල් විවෘත කිරීමට අවසර : සෞඛ්‍ය ඇමති කියයි

සියයට 50 ධාරිතාවයට යටත්ව පෙර පාසැල් විවෘත කිරීමට අවසර : සෞඛ්‍ය ඇමති කියයි

දිවයිනේ සියළු පෙරපාසල් සෞඛ්‍ය හා විශේෂඥ උපදෙස් අනුව සියයට 50 ක ධාරිතාවයකින් ආරම්භ කිරිමට ඉඩකඩ ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.

 

ඇහැලියගොඩ ප්‍රදේශයේදී පෙර පාසැල් ගුරුවරියන් පිරිසක් සමග පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරිය,

 

“රට විවෘත කර අදට දවස් 45 ක් වෙනවා. රට විවෘත කිරිමත් සමග අප රටේ දෙමව්පියන්ගෙන් ලැබුනු ඉල්ලීම තමයි තමන්ගේ දරුවාට මූලික අධ්‍යාපනය ලබාදෙන පෙරපාසල් විවෘත කිරිම සදහා අවස්ථාව ලබාදෙන ලෙස. රජය ඒ පිළිබදව අවධානය යෙමු කොට, පෙරපාසල් ගුරුවරු සමග සාකච්ඡා කර තීන්දුවක් ගනු ලැබුවා පෙරපාසල් විවෘත කිරිමට අවස්ථාව සැලසීමට. ඒ අනුව සෞඛ්‍ය අංශ සහ විශේෂඥ උපදෙස් සැළකිල්ලට ගනිමින් දිවයිනේ සියළු පෙරපාසල් සියයට 50 ක පමණ ධාරිතාවයකින් විවෘත කිරිමට මින් පසු ඉඩකඩ ලැබෙනවා. පාසල් ආරම්භ කිරිමටත් බලාපොරොත්තුවක් ඉදිරියේ දී තිබෙන නිසා සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තීන්දුව ගනු ලැබුවා.”

 

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු මස 13 දින සිට දිවයිනේ සියළුම පාසල් හා පෙරපාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.  

 

views

797 Views

Comments

arrow-up