අණ නොතකා ගිය ට්‍රැක්ටර් රථයට හමුදාවෙන් වෙඩි : එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිළාලි ප්‍රදේශයේදී යුධ හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මාර්ගයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි හමුදා භට කණ්ඩායමක් විසින් අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබු ට්‍රැක්ටර් රථයකට නතර කිරීමට සංඥා කළ විට එහි නියෝගය නොසලකා එකවර රියදුරු එකවර රථය හමුදා සෙබළුන් දෙසට හරවා ඇති බවත් එම අවස්ථාවේදී එම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
959 Views
Comments