යුධ හමුදාවේ 14,000 කට උසස් වීම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

යුධ හමුදාවේ 14,000 කට උසස් වීම්

යුධ හමුදාවේ 14,000 කට උසස් වීම්

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සේනාධිනායක  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී ලබන අඟහරුවාදා (19) දින පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදු කෙරෙන බව යුධ හමුදාව නිවේදනය කර සිටිනවා.

 

රටේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය ආරක්‍ෂා කිරීමේදී මෙන්ම ජන ජීවිතයට තර්ජනයක් එල්ලවන ස්වාභාවික විපත්, ත්‍රස්තවාදී තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනයන් හිදී යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලැබූ පරාර්ථකාමී සහ නොයෙකුත් කැපකිරීම් සඳහා වටිනාකමක් ලබාදෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ සෙසුනිලයින් දිරීගන්වමින් මෙලෙස උසස්වීම් සිදුකරනු ලබන බවයි යුධ හමුදාව නිවේදනය කර සිටියේ.

views

598 Views

Comments

arrow-up