ඡන්දය ප්‍රකාශ කර "ෆේස්බුක්" දැම්මොත් වසර 3ක් හිරේ - මැ.කො.
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

ඡන්දය ප්‍රකාශ කර "ෆේස්බුක්" දැම්මොත් වසර 3ක් හිරේ - මැ.කො.

ඡන්දය ප්‍රකාශ කර "ෆේස්බුක්" දැම්මොත් වසර 3ක් හිරේ - මැ.කො.

රාජ්‍ය නිලධාරීන් තැපැල් ඡන්දය ප්‍රකාශ කර “ෆේස්බුක්“සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීති විරෝධි කාර්යක් බවත් එවැනි ක්‍රියා සිදුකරන අය වසර 3ක සිර දඬුවමකට ලක්විය හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ අද(31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

 

සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ තහනම් කර තිබියදී රජයේ නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම ඉතාමත් කණගාටුදායක බවයි.

 

එමෙන්ම රාජ්‍ය නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරනු ලැබුවහොත් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිධාරීවරයාට එරෙහිව ක්‍රියා කිරීමට සිදු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

840 Views

Comments

arrow-up