බාල සොහොයුරාගේ පොලු පහරින් වැඩිමල් සොහොයුරා මිය යයි

ඊයේ (25) අලුයම් කාලයේදී මිනුවන්ගොඩ වටිනපහ ප්‍රදේශයේ දී වයස අවුරුදු 27 ක් වන බාල සොහොයුරා විසින් එල්ල කරන ලද පොලු පහරකින් වයස අවුරුදු 32 ක් වන වැඩිමහල් සොහොයුරෙකු ඝාතනය කර තිබෙනවා.
මෙම මනුෂ්‍ය ඝාතනයෙන් පසුව බාල සොහොයුරා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (26) දිනයේදී සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
අවුරුදු කාලයට පෙර හා පසුව පවුලේ සාමාජිකයන් අතර ඇතිවන ගැටුම් වලින් සිදුවන ඝාතන වල යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
ඒ හේතුවෙන් මෙවැනි ගැටුම් ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකළා.
969 Views
Comments