ශ්‍රී ලංකාවට ගුවන් කෞතුකාගාරයක්

ශ්‍රී ලංකාවේ ගුවන් කෞතුකාගරයක් ඉදිකිරීමට සූදානම් වනවා.
මෙරට ගුවන් සේවාවේ ඉතිහාසය හා වර්තමානය දැක්වෙන පරිදි මෙම කෞතුකාගාරය කඩිනමින් ඉදි කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ගුවන් තොටුපළ හා ගුවන් සමාගම සතු අක්කර 80 ක ඉඩමක් මෙම කෞතුකාගරය ඉදිකිරීම සදහා මේ වනවිටත් හදුනාගෙන තිබෙන බව පවසනවා.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී උපදෙස් දුන්නේ කටුනායක ගුවන් තොටුපළට එල්ල වූ කොටි ප්‍රහාරයේ තොරතුරු ද ඊට ඇතුළත් කරන ලෙසයි.
රැස්වීම සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී පැවැති රැස්වීමකදී මේ බව සදහන් කර තිබෙනවා.
777 Views
Comments