සඳුදා සිට දුම්රිය ගමන් සිදුවන විදිහ මෙන්න - අවසර හිමි පුද්ගලයින්ට SMS එකක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

සඳුදා සිට දුම්රිය ගමන් සිදුවන විදිහ මෙන්න - අවසර හිමි පුද්ගලයින්ට SMS එකක්

සඳුදා සිට දුම්රිය ගමන් සිදුවන විදිහ මෙන්න - අවසර හිමි පුද්ගලයින්ට SMS එකක්

ලබන 04 වනදා එනම් අනිද්දා සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලූම මාර්ගවල දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

 

එම සේවාවන් සලසන්නේ අදාළ ආයතනවල ප්‍රධානින් විසින් නිර්දේශ කර ඉල්ලූම්පත් යොමු කර ඇති නාමලේඛනවල සඳහන් සේවකයින්ට පමණක් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

 

අදාල අවසර පත්‍ර සතිපතා ලබාගත යුතු වනවා. ඒ සඳහා වන ඉල්ලූම්පත් සෑම සතියකම බ්‍රහස්පතින්දාට පෙර ආයතන හරහා යොමු කළ යුතුයි. 

 

දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර ලබාදෙන පුද්ගලයින්ට SMS මගින් ඒ බව දැනුම් දෙනු ඇති. දුම්රියට ප්‍රවේශ වීම සඳහා එම SMS පණිවුඩය ආරක්ෂක අංශ වෙත ප්‍රදර්ශනය කළ යුතු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. 

 

සෑම දුම්රිය මැදිරියකටම යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බැගින් යෙදවීමටද සැලසුම් කර තිබෙනවා

views

643 Views

Comments

arrow-up