රට පුරා මැණික් සෙවීමේ සමීක්ෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

රට පුරා මැණික් සෙවීමේ සමීක්ෂණයක්

රට පුරා මැණික් සෙවීමේ සමීක්ෂණයක්

ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

ඒ අනුව එම ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කළ හැකිදැයි විමසා බැලීම සඳහා සමීක්ෂණයක් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කීය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මැණික් හා ස්වර්ණාභරණ  ක්ෂේත්‍රයේ නිරතවූවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. 

 

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට බලපා ඇති රජයේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ ගැටළු ඇතුළු කර්මාන්තය ආශ්‍රිත මතුව ඇති වෙනත් ගැටළු පිළිබඳව මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

views

226 Views

Comments

arrow-up