කැනඩාවේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 06 දෙනාගේ අවසන් කටයුතු ගැන තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

කැනඩාවේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 06 දෙනාගේ අවසන් කටයුතු ගැන තීරණයක්

කැනඩාවේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 06 දෙනාගේ අවසන් කටයුතු ගැන තීරණයක්

කැනඩාවේ ඔටාවා අගනුවරදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකකියන්ගේ අවසන් කටයුතු ධනුෂ්ක වික්‍රමසිංහගේ අවසරය මත ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානය මඟින් සිදුකිරීමට නියමිතය.

 

එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බාර්හෙවන් ප්‍රදේශයේ සිය නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක්වුණේ පසුගිය බදාදා රාත්‍රීයේදීය.

 

එම ඝාතනය කළ ෆ්‍රෑන්ක්ද සොයිසා නැමැති 19 හැවිරිදි සැකකරු සියදිවි හානි කර ගැනීමේ සිතුවිල්ලෙන් සිටි අයෙක් බව එහි බෞද්ධ විහාරස්ථානයේ පූජ්‍ය මහගම සූනීත හිමි පවසයි.

 

ඔහු ඉගෙනුම ලැබු පාසලේ ප්‍රකාශකයෙකු පැවසුවේ, සැකකාර ෆ්‍රෑන්ක් අවසන් වරට පාසලට පැමිණ ඇත්තේ පසුගිය වසරේ ශීත ඍතුව දක්වා පමණක් බවය.

 

එසේම පොලිස් විමර්ශනවලදී අවධානය යොමු වී ඇත්තේ ෆ්‍රෑන්ක් ද සොයිසා මෙම සමූහ ඝාතනය සඳහා තියුණු ආයුධ කිහිපයක් යොදාගත්තේද යන්න පිළිබඳවය.

 

කෙසේවෙතත් මේ වනවිට බරපතළ තුවාල ලබා සිටින ධනුෂ්ක වික්‍රමසිංහගේ අවසරය මත මියගිය දර්ශනී ඒකනායක සහ දරුවන් සිව්දෙනාගේ අවසන් කටයුතු පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානය මඟින් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

 

අවමංගල්‍ය කටයුතු සඳහා ඔවුන්ගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන බව ඔටාවා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

 

මියගිය අයගේ අවසන් කටයුුතු කිරීම සඳහා කැනඩාවේ බෞද්ධ කොංග්‍රසය අරමුදලක්ද පිහිටුවා ඇත.

views

218 Views

Comments

arrow-up