දෙහිවල නිවසකින් හිස් මැගසින් සමඟ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

යම් පාතාල කණ්ඩායමකට අයත් බවට සැක කරන ටි 56 ජීව උණ්ඩ යොදන හිස් මැගසින් 16 ක් ගංජා තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග දෙහිවල ගල් විහාර පාර නිවසක පදිංචි පුද්ගලයෙකු දෙහිවල ගල්වල පාරේ විශේෂ මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
එම සැකකරු සමග මැගසින් වලට අමතරව ගංජා කිලෝ 3 ගෑම් 416 ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 40 ක් පොලිස් භාරයට ගෙන ඇත.
යුක්තියේ මෙහෙයුමට සමගාමීව දෙහිවල ගල්වල පාරේ පෙරේදා 10 රාත්‍රී විශේෂ මාර්ග බාධකයක් යොදා සැකකටයුතු වාහන පරික්ෂා කිරීමේදී සැකකරු පැමිණි යතුරුපැදිය නවතා සිදු කළ පරික්ෂාවේදී ගංජා කිලෝ 2 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු පදිංචි දෙහිවල ගල් විහාර පාරේ නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමේදී තවත් ගංජා කිලෝ එකයි ගෑම් 416 ක් හා ඇඳක් යට පාර්සල් තුනක බහා තිබූ මැගසින් තොගය හමු වූ බව පොලිසිය කියයි.
217 Views
Comments