ආවා කල්ලියට කඩු සැපයූ පුද්ගලයෙකු යාපනේදී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

ආවා කල්ලියට කඩු සැපයූ පුද්ගලයෙකු යාපනේදී අත්අඩංගුවට

ආවා කල්ලියට කඩු සැපයූ පුද්ගලයෙකු යාපනේදී අත්අඩංගුවට

යාපනය දිස්ත්‍රිකක්ය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ආවා කල්ලිය වෙත කඩු සැපයීම සිදුකළ පුද්ගලයෙකු යාපනය කෝපායි හිදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ආවා සාමාජිකයාගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම කඩුව හා පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී ඇත.අත් අඩංගුවට ගත් සැකකරු කෝපායි පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

සැකකරු සතුව තිබි කඩු තුනක්ද අත්අඩංගුවට ගත් අතර සැකකරු ආවා කල්ලිය වෙත කඩු සැපයීම සිදුකොට ඇති බවට අනාවරණය කොටගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ.

වයස අවුරුදු 22 ක් වන සැකකරු හා අත්අඩංගුවට ගත් කඩු තොගය වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් කෝපායි පොලිසිය වෙත භාරදී තිබෙනවා.

 

views

679 Views

Comments

arrow-up