සුනඛයන් අරන් ලෝකාන්තයට ගිය අඹුසැමි යුවළට රු. හතළිස් දහසක් දඩ

බණ්‌ඩාරවෙල ප්‍රදේශයේ යුවළක් විසින් ලෝකාන්ත ජාතික වනෝද්‍යානය නැරඹීමට යද්දී සුරතලයට ඇති කරනු ලැබූ සුනඛයකු වනෝද්‍යානය තුළට ගෙනයැමේ චෝදනාවට රුපියල් විසි දහසක් බැගින් දෙදෙනාට රුපියල් හතළිස් දහසක දඩයක් ගෙවීමට සිදුවිය.
නුවරඑළිය මහෙස්‌ත්‍රාත් ප්‍රමෝද් ජයසේකර මහතා හමුවට (23දා) ඉදිරිපත් කළ අවස්‌ථාවේදී මෙම දඩය ගෙවීමට සිදුවිය.
උද්‍යානභාරකාර පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත වන අඩවි සහකාර පී. එම්. පී, පනාවලගේ වන අඩවි ආරක්‍ෂක දයාරත්න යන මහත්වරුන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
686 Views
Comments