මේක එළවලු බක්කියකටවත් ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක් !
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

මේක එළවලු බක්කියකටවත් ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක් !

මේක එළවලු බක්කියකටවත් ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක් !

ඉතිහාසයේ පළමු වතාවට එළවලු බක්කි කොල්ලකන තැනට රට පත්ව ඇති බවත් මේ ආණ්ඩුව යනු එළවලු බක්කියකටවත් ආරක්ෂාව සැපයීමට නොහැකි ආණ්ඩුවක් බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි. 

 


"එළවලු බක්කි මංකොල්ල කන තැනට මේ රට පරිවර්තනය වෙලා තියෙනවා, ඉතිහාසයේ කවදාවත් නොවිච්ච දෙයක්. දැන් පහුගිය ආණ්ඩුව කැඩුවෙ මහබැංකුව. මේ ආණ්ඩුව යටතේ කඩන්න පටන් අරන් තියෙන්නෙ එළවලු බක්කි. 

 


මේ දවස්වල එළවලු කොටුවක් තියෙන ගොවි අම්මා තාත්තා ගාව අනිවාර්යයෙන්ම මේ වාගේ එකක්වත් තියෙනවා ( වක් පිහියක් පෙන්වයි ). එළවලු බක්කියකටවත් ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. 

 

 

දැන් මේ පිස්සු කෙළින විදියට තුනෙන් දෙක ගත්තොත් පිස්සු කෙළියිද කියලා තමයි අපට කියන්න තියෙන්නෙ. MCC ගිවිසුම අත්සන් කරගන්න අදාළව ඒ කටයුතු කරගන්න එක, ඉඩම් විකුණන්න ලක ලෑස්ති වෙන එක, බඩුමිල වැඩි වෙලා මිනිස්සුන්ට දරාගන්න බෑ - මේ තත්වයන් අමතක කරන්න ආයුධයක් හැටියට හඬපට භාවිතා කරනවා කියන එක චෝදනාවක් හැටියට අපි ආණ්ඩුවට එල්ල කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 
නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ මාතලේ ප්‍රදේශයේදී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

views

619 Views

Comments

arrow-up