පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 


ඒ, දැනට පාර්ලිමේන්තුවේ අහෝසිවී පවතින කාරක සභා සඳහා සාමාජිකයන් පත්කිරිම පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණිනි.
ඒ අනුව අද පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

 


මේ සඳහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් සහභාගිවීමට නියමිතයි.

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමත් සමග පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරික කාරක සභාව, මුදල් කාරක සභාව, ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා 10 ක් අහෝසි විය.

 


නව සැසිවාරයට අදාළව එම කාරක සභා සඳහා සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡා කෙරෙනු ඇති.
 

 

views

678 Views

Comments

arrow-up